යූ නළයෙ වීඩියෝ එකක් බලද්දි එන ලොකු ප්‍රශ්නයක් තමයි වීඩියෝ එක බලන්න කලින්. ඇත්තටම වීඩියෝ එකේ තියෙන්නෙ අපිට ඕන දේද කියල බලා ගන්න බැරි කම. ඒක බාගන්නව නම් ඊට කලින් ටික දුරක් ප්ලේ කරල බලන්නම වෙනව. අනික අතර මගදි පොඩිහිටියන්ට නුසුදුසු දේවල් තියෙද කියල දන්නෙ නැහැනෙ. අනිත් එක තමයි අපි වගේ ලිමිටඩ් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන අය වීඩියෝ open කරන්නෙ හරිම පරෙස්සමෙන්. Open කරන්න යන වීඩියෝ එක හරියටම මොකක්ද දන්නෙ නැත්තං open කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නත් වෙනව. :)
මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න දැන් Firefox addon එකක් සමත්වෙලා තියෙනවා. නමින් VideoSurf. මෙතනින් බාගන්න පුළුවන්.
දාගත්තට පස්සෙ යූනලයෙදි විතරක් නෙවෙයි, ගූගල් සෙවුමෙදි වගේම ට්විටරයෙදි පවා වීඩියෝවල preview එක timeline එකක් විදියට පෙන්නනවා. මෙන්න මේක දැම්මට පස්සෙ යූනලයෙ තිර සටහනක්:
ඒ විතරක් නෙවෙයි වීඩියෝ එකක් බලන කොටත් ඊට යටින් පෙන්නන timeline එකෙන් වීඩියෝ එකේ ඒ ඒ තැන්වලට ලේසියෙන් පනින්න පුළුවන්. Addon preferences වලින් අනවශ්‍ය අඩවිවල Videosurf අබල කිරීම, පොඩිහිටියන්ට තහනම් විදියේ වීඩියෝ සැඟවීම වගේ දේවල් කරන්නත් පුළුවන්.