අපේ බෝඩිමේ ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංහල කී බෝඩ් එක හුරු නැතිකම. මේ අර්බුදයට විසඳුමක් දෙන්න කියල මාත් ලිව්ව පොඩි සොෆ්ට්වෙයා එකක්. නම සිංග්‍රීසි. නමෙන් කියවෙන විදියටම සිංග්‍රීසියෙන් ටයිප් කළාම සිංහලෙන් (යුනිකෝඩ්) වදිනව. උදාහරණයක් විදියට තමීරගෙ තීරය කියල ටයිප් කරන්න ඕන නම් thameerage theeraya කියල ගැහුවම හරි. යුනිකෝඩ් එසැනින් පරිවර්තකය වගේ. හැබැයි ඒකෙ නැති විශේෂාංග කීපයක් එකතු කරන්න උත්සාහ කරා. උදාහරණයක් විදියට අතරමගදි ඉංග්‍රීසියෙන් කොටන්න ඕන වුණොත් ඒක කරන්න පුළුවන් (රූපයේ ආකාරයට). ඒක සඳුන්ගෙ අදහසක්.
මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ (බීටා සංස්කරණය :-) ). මෙන්න බාගන්න ලින්ක් එක:
[සබැඳුම ඉවත් කරන ලදී. නව සංස්කරණය බාගැනීමට මෙතනට යන්න.]
හොඳද බලල වැරැද්දක් එහෙම අහුවුණොත් කියන්න අමතක කරන්න එපා. ඊමේල් ලිපිනය ඒකෙ තියෙනවා. මේක Visual C# 2008 වලින් ලිව්වෙ. ඒ හින්ද වැඩ කරන්න .Net Framework 3.5 ඕන වේවි.
ප.ලි. මෙම පෝස්ට් එක ලිවීමෙන් දින කිහිපයකට පසු මෙම ලිපියට ලැබුණු ප්‍රතිචාර අනුව සිංග්‍රීසි 1.2 නමින් මෙය වැඩිදියුණු කළෙමි. උපකාරක ගොනුවක් ද අමුණා ඇත. දැන් ඉහත සබැඳිය මගින් එය බාගත හැකිය. ප්‍රතිචාරවලට ස්තුතියි!