Wikinews කියන්නෙ විකිපීඩියා වගේම ඕන කෙනෙකුට දායක වෙන්න පුළුවන් පුවත් අඩවියක්. දැනට භාෂා ගණනාවකින් මේ අඩවිය තිබුණත් සිංහල භාෂාවෙන් wikinews එකක් නැහැ. මේ නිසා අපේ බුධාජීව මලයගෙ අදහසකට අනුව සිංහලෙන් 'විකිපුවත්' නමින් wikinews සිංහල සංස්කරණයක් එළි දක්වන්නයි ලෑස්තිය. මේ ලිපිනයෙන් දැනට හදාගෙන යන විකිපුවත් අඩවියට පිවිසෙන්න පුළුවන්.
නමුත් si.wikinews.org නමින් අඩවිය පටන්ගන්න අනුමැතිය ලැබෙන්න කලින් විකිපුවත් පරීක්ෂණ කීපයක් සමත් වෙන්න ඕන. මේ අතරින් මූලික පරීක්ෂණය දැනටමත් විකිපුවත් සමත් වෙලා තියෙන්නෙ. ඒත් දැනට තියෙන ලොකුම බාධකය තමයි පුවත් සපයන සංස්කාරකවරුන්ගෙ අඩුපාඩුව. මේ සඳහා නම් ඉදිරිපත් කරල තියෙන්නෙ දැනට 6 දෙනෙක් විතරයි.
මේ වැඩේට කැමති නම් කරන්න තියෙන්නෙ පොඩි දෙයක්.
- විකිපීඩියාවලට ලොග් වෙන්න. පරිශීලක නමක් නැත්නම් sign up වෙන්න.
- http://meta.wikimedia.org/wiki/Requests_for_new_languages/Wikinews_Sinhala ලිපිනයට යන්න.
- පිටුවෙ දකුණු අත පැත්තෙ උඩ තියෙන Edit සබැඳිය ක්ලික් කරන්න.
- එතකොට එන පිටුවෙ උඩ හරියෙම මෙන්න මේ වගේ පේළියක් තියෙනව: |community = [[User:Budhajeewa|Budhajeewa]] N P, [[User:Thameera123|Thameera123]] N P, [[User:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] N,[[User:Keheliya|Keheliya]] N, [[User:බිඟුවා|බිඟුවා]] N , [[User:Shane44|Shane44]] N
- මේ තියෙන්නෙ දැනට නම් දීපු අයගෙ පරිශීලක නම්. මේ පේළියෙ අගට ඒ විදියට ඔබේ විකිපීඩියා/විකිනිව්ස් පරිශීලක නම එකතු කරන්න.
- පිටුවෙ පහළින් තියෙන Save page බොත්තම ක්ලික් කරන්න.
මේ ටික කරන්න අමාරු වගේ නම් පහළින් කොමෙන්ටුවක් විදියට ඔබේ විකිපීඩියා පරිශීලක නම දෙන්න. එතකොට අපිට පුළුවන් ගිහින් නම එකතු කරන්න.
එහෙනම් කාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන, උපරිම ඩවුන්ලෝඩ් ස්පීඩ් ලැබෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!