බෝල කූඩුවේ තව ඇඳුමක් එල්ලුවොත් එය බරට කඩාගෙන වැටෙණු ඇත. එහි එතරම්ම ඇඳුම් පිරිලාය. අද හෝදනවා, හෙට හෝදනවා යි කියා හිතාගෙන හිටියත් කෙරෙන්නේ නම් නැත.
ඇඳුම් හෝදන එක තරම් කම්මැළි වැඩක් ලෝකයේ නැත. ගෙදර හිටියා නම් අම්මාට කියා හෝදා ගන්නට තිබුණි. අම්මා නැති කලට කණයා පණ්ඩිතයාද මොකක්ද කියා කියමනකුත් ඇත. අම්මා නැති කඩුව කොස් කොටන්නද කියා පරණ අය ඇහුවේ ද කට කහනවාට නොවේ.
මීට මාස කිහිපයකට පෙර සඟරාවක තිබී මට අපූරු ලිපියක් කියවීමට හමුවිය. එහි කතුවරයා යෝජනා කර තිබුණේ යම් කිසි දෙයක් ගැන සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉගෙනගැනීම එම වැඩය පහසුකරගැනීමට හේතුවන බවයි.
උදාහරණයක් ලෙස ඇඳුම් සේදීම ගනිමු. ඇඳුම් හේදීමේ විවිධ ක්‍රම, වඩාත් කාර්යක්ෂමව ඇඳුම් හේදීමට ලෝකයේ විවිධ අය යොදාගන්නා උපායයන්, ඇඳුම් හෝදන අතරදී තනිවම කළ හැකි ක්‍රීඩා, වතුරට රෙදි හෝදන කුඩු දමන නිවැරැදි අනුපාත, මැසිමෙන් හෝදනවාට වඩා අතින් රෙදි සේදීමේ වාසි, මෙවැනි අනේකවත් දේවල් ගැන අපට අන්තර්ජාලයෙන් සොයා බැලිය හැකිය. මේවා දැන ගැනීමෙන් රෙදි සේදීම දෙස අප බලන දෘෂ්ටිකෝණය වෙනස්වෙයි. තවදුරටත් එය විඩාව ගෙනදෙන කම්මැළි ක්‍රියාවක් ලෙස අපට නොපෙනෙයි.
මෙය ඇඳුම් හේදිම පමණක් නොව ගෙදර අතුගෑම, ඇඳූම් ඉස්තිරික්ක කිරීම, වාහනය සේදීම වැනි ඕනෑම අප අකමැති වැඩකට යොදාගත හැකිය. බෝල කූඩුවට නැවතත් බරින් නැවීමට සිදු නොවනු ඇත. රෙදි සෝදාගත් කල ගොවියා රජ කමටත් සුදුසු බව ඔබ අසා ඇතුවාට සැක නැත.