Wednesday, January 26, 2011

තමීර සමග පිළිසඳරක්


තමීර සේනානායක නමැති කඩවසම් බ්ලොග්කරුවා ගැන ඔබට අමුතුවෙන් විස්තර කළයුතු නැහැ. අද අපේ පිළිසඳර තමීර එක්ක.

තමීර මොකද මේ දවස්වල, බ්ලොග්කරණය අමතක වෙලාද?
අපෝ නැහැ, ළඟදි මේ පොඩි එක්සෑම් එකක් එනව. ඒකට පාඩම් කරන නිසා පොඩ්ඩකට බ්ලොග් ලිවිල්ලෙන් ඈත් වුණා. ඉවරවුණ ගමන් ආයි එනව.

හැබැයි ඉංග්‍රීසි බ්ලොග් එකේ නම් නිතරම ලියනව නේද?
ඔව්, ඒක ඉතින් මයික්‍රොබ්ලොග් එකනෙ. පොඩ්ඩ පොඩ්ඩ ඉඳල හිටල ලියනව. ට්විටර් එකේ නම් නිතරම ඉන්නව.

දැන් සිංහල බ්ලොග් වැහි වැහැල. මේ ගැන තමීර දරන අදහස මොකක්ද?
නවකයන් බ්ලොග්කරණයට යොමුවන එක ගැන ඉතින් සතුටු වෙන්න ඕන. වඩා වැදගත් වෙන්නෙ වල්පල්වලට වඩා වැදගත් කරුණු ලියන එක. මට පේන විදියට ගොඩක් අය කරන්නෙ නිකං තමන් ගැන බ්ලොග් එකේ ලියන එක. තමන් ගැන ලියල කාටද වැඩක් වෙන්නෙ?

ඒක ඇත්ත. සින්ඩිත් දැන් වැහි වැහැල නේද?
ඔව්, හතු පිපෙන්න වගේ සින්ඩි එන්න පටන් ගත්තු කාලයක් තිබුණා. දැන් නම් කස්ටියට සින්ඩි හදන්න එච්චර උනන්දුවක් නෑ වගේ.

තමීර වගේ අත්දැකීම් බහුල බ්ලොග්කරුවන් බ්ලොග්කරණයෙන් ඈත්වීමේ ප්‍රවණතාවයක් තියෙනව කිව්වොත්?
මම අත්දැකීම් බහුල කෙනෙක් නෙවෙයි. ඒත් ඔබ කියන කතාව ඇත්ත. ගොඩක් පරණ බ්ලොග්කරුවන්ගෙ ලිවිල්ල අඩාල වෙලා කියල දකින්න තියෙනව. ගොඩක් දුරට විභාග වගේ දේවල් තමයි මං හිතන්නෙ මේකට හේතුව. හැබැයි ලියන අය ඉතින් දිගටම ලියනව.

හොඳයි, අවසාන වශයෙන් අහන්නෙ, දැන් තමීරට පෙම්වතියක් එහෙම නැද්ද?
ඒවට ඉතින් කල් තියෙනවනෙ, නැද්ද. ;)

මෙම ලිපියට ප්‍රතිචාර 31 කි:

Janith said...

ඔව් ඔව් තමීර මොකක්ද මේ පෙම් කසුකුසුව? ;)

ආ තව දෙයක්... මගේ යුනිකේත අවුල මම හොයාගත්ත... Firefox 4.0 Beta 7 ඉඳල බඩු අබලන්... තාම හදල නෑ. (අද 10 හබෑවෙ ඒකෙත් නෑ) :( දුක තමයි.

Januka said...

සහ්.. එලනෙ.. තමීර පාටක ප්‍රශ්නවලට පිලිතුරු දේවිද?

Jay said...

:D
මොකද්ද මේ අන්තිම ප්‍රශ්නය ගැන තියෙන කසු කුසුව?

Thameera said...

@Chavie: ඔව්, ff betaවල unicode අවුල්

@ජනුක: අනිවා පිළිතුරු දේවි

@Ansh: නෑ, කිසිම කසුකුසුවක් නෑ ඒක ගැන

හපා said...

අන්තිම ප්‍රශ්නෙට දීපු උත්තරේ තමා අවුල්...........

Indranama said...

කොහෙද ඇත්තටම මේ තමීර නම් වූ “කඩවසම්“ (???) බ්ලොග්කරුවා ඉන්නෙ? O_o

Sujeewa de Silva said...

@Thameera
විභාගයට ජය පතනවා!

Thameera said...

@හපා: මොකක්ද අවුල? කිසි අවුලක් නෑ

@ඉන්ද්‍රනාම: මාතර කියලයි ආරංචිය. ඇයි වෙන තමීරලත් ඉන්නවලුද? :O

@Sujeewa de Silva: තැන්කූ! :)

budhajeewa said...

එතකොට තව අර වයස තියනවය කියන්නෙ කාටද? එක අතකට "60ත් වයසක්ද නංගි?" කියල අහපු රටකට TP ලොක්කගෙ වයස මොකක්ද නේ? :P

Bunny said...

මූට කඩවසම් කිවාම, කඩ වසම් උන්ට මොකක්ද කියන්නෙ O_o ?

Thameera said...

@budhajeewa: මගෙ වයස දන්නෙ නැතුව වගේ කතා කරන්නෙ

@Bugs bunny: කඩවසම් කියල :P

budhajeewa said...

@Thameera: හරි ඉතිං, ඒක දැනගෙනත් මම ඔබතුමාට කොහෙදිවත් අංකල් කියල තියේද? අපිට සලකනව මදි! :P

Thameera said...

@budhajeewa: මට අංකල් කියන්න සුපුන් පොඩි ළමයෙක් නෙවෙයිනෙ :P

budhajeewa said...

@Thameera: ලොල්! :P

ස්වප්නා said...

මල විකාර


කොහොම උනත් වෙනද වගේම, අදත් ඔයාගෙ බ්ලොග් එක කියවල හොඳට හිනා උනා :)

Thameera said...

@ස්වප්නා: විකාර වෙන්නෙ කොහොමද? Oo

Praසන්ன said...

කඩවසම් කියන්නෙ වැඩවසම් වගේ එකක් ද?

Thameera said...

@Praසන්ன: ඔව් ඔව්, ටිකක් ඒ වගේ එකක් තමයි

Anonymous said...

දැන් ඊලඟ පෝස්ට් එක ලියන්නෙ කවද්ද?

Thameera said...

@roylyfernando: ඒව කියන්න අමාරුයි ඉතිං :)

තිලිණ said...

අඩෝ මේ පින්තුරෙ ඉන්න බ්ලොන්ඩ් ද උබ? :D

වර්නපාල.කොම්

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

වැඩ ඉවර වුනහම ආයෙත් ලියන්න. කොටින්ම මටත් දැන් බ්ලොග් ලියන්න කාලයක් නැහැ..

Thameera said...

@තිලිණ: නෑ අනිත් එක්කෙනා :P

@කවිරංග: ඔව් ඔව්, වැඩ ඉවරවුණ ගමන් පටන් ගන්නවා ලියන්න බැරිවුණු ඒවටත් එක්ක. xD

තිස්ස දොඩන්ගොඩ said...

ඔබේ මේ ගමන් මගේ අමතක නොවන සිදුවීමක් කියනවද...?

Thameera said...

@තිස්ස දොඩන්ගොඩ: අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. එකක් තමයි තිස්ස අයියව හමුවීම. :)

නෙරංජි සුලක්ඛනා said...

හානේ තමීරයියා... දැක්ක කල්... ඔයා වටකුරුව මේ පාරත් නිකන් අපිට විදින්න ගහලා..මේ ඒ වුණාට හිනා ගියා හරිද? ලබන පාරවත් වින්දනාත්මක බ්ලොග් එකට මේක දාගම්මු.... සුපුන් ට කියල ;)

Thameera said...

@නෙරංජි: පිස්සුද? කාටවත් ගැහුවෙ නෑ මම. මොකක්ද වින්දනාත්මක බ්ලොග් එක? :O

රංග - මගේ ලෝකය said...

අනේ මංදා ඔය කියන තමන් ගැන ලියන බ්ලොග් කරුවෝ (මම, මාරය ඇතුලුව) , "මම පොරක්" කියන සංකල්පෙන් නම් නෙමේ ලියන්නෙ. අනික ඒ ලියන දෙයින් ගන්න දෙයක් තියද නැද්ද කියල කියන්න පුලුවන් නම් බලන අයටම තමා.

Thameera said...

@රංග: අපෝ ඒක සීරියස් ගන්න එපා, මං මේ නිකං ලිව්වෙ. මාත් මේ ලියන්නෙ තමන් ගැන පෝස්ට්නෙ :)

Kanishka said...

අනේ යකෝ :D

Thameera said...

@කණියා: ;)

අදහස් ලියලම යන්න