දවස් ගාණකින් පෝස්ට් එකක් දාන්න තියා බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි වුණා. මේ විබාගෙ තමයි ඉතින් හේතුව. මේක මේ ලියන්නෙත් පාඩම් කරල එපාම වෙලා ඉන්න වෙලාවක. අද (11) පටන් ගත්තම ඉවරවෙන්නෙ පෙබරවාරි 5.
මෙදා සැරේ නම් සබ්ජෙට් කීයක් රිපීට් වෙයිද දන්නෙත් නෑ. කමක් නෑ, මේක ඉවරවුණාම ඉතිං ට්‍රේනිං පටන් ගන්නවා. ආයි මාස 10ක් විතර යනකං විබාගයක් නෑ. ඒ කාලෙ බ්ලොග් ලියන්න පුළුවන් ඇට්ටි හැලෙන්න. 
ඔය මාතෘකාවෙන් කියවෙන සින්දුව තියෙන්නෙ සෝමලතා සුබසිංහගෙ "විකෘති" කියන වේදිකා නාට්‍යයෙ.

විබාගෙ විබාගේ
එහේ බැලුවත් විබාගේ
මෙහෙ බැලුවත් විබාගේ
විබාගේ තමයි අපේ අබාගේ
විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට
වෙලාව නෑ විබාගේ
බස් එකේ කෝච්චියේ පාරතොටේ
යන එන හැම තැන
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
විබාගෙ ප්‍රතිපල කොහොමද
විබාග ප්‍රතිපල වසංගතේ
පද වැල් නම් හරියටම හරිද දන්නෙ නෑ.
දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න.
මේ අව් අස්සෙ තව අළුත් වැඩකටත් අතගැහුව. අළුත් සිංහල බ්ලොග් එකක්. ඒ ගැන විස්තර ළඟදිම කියන්නම්. එහෙනම් අපි ගියා. විබාගෙට පරක්කු වෙනවා. මටත් විබාගෙ ලියන කාටත් සුබ පැතුම්!