ළඟදි දවසක සූටික්කෙක් අපේ බෝඩිම ළඟ ගහක ඉඳගෙන කෑ ගහනව ඇහුණා "කෝ මේ තමීර, මොකද දැන් තමීරගෙ තීරයෙ වැඩිය ලියන්නෙ නැත්තෙ?" කියලා. එතකොට තමයි මතක් වුණේ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුණා කියලා.
ඉංග්‍රීසි බ්ලොග් එකේ දවසක් කියපු විදියට book light එකක් ගන්න ලොකු ආසාවක් අවුරුද්දක විතර ඉඳල හිතේ තිබුණා. ඒ ආසාව ඉටුවුණේ ගිය සතියෙ මගේ මුල්ම eBay ඕඩරේ ගෙදරටම ආවම. මේ තියෙන්නෙ පොටෝ එකක්:
Book light පාවිච්චි කරන්නෙ අඳුරෙ ඉඳං පොත් කියවන්න, මේ පහළ රූපෙ තියෙන විදියට හයි කරල:
මේකට ගියේ ඩොලර් 1.47ක් විතරයි. තනි සුදු LED එකක් විතරයි තියෙන්නෙ. ඒත් ඒ එළිය පොත කියවන්න හොඳටම ඇති. ටැබ්ලට් බැටරි කෑලි 3කින් පවර් එක දෙන්නෙ. කියල තිබුණු විදියට නම් දවසකට පැය ගාණෙ දාල තිබුණොත් අවුරුද්දක් පාවිචිචි කරන්න පුළුවන් කියල. eBay එකේ ගිහින් බැලුවොත් booklight මාදිලි ගණනාවක් හොයාගන්න පුළුවන්. නින්ද යනකං ඇඳේ ඉඳං කියවන්න කියාපු ගැජට් එක.
එහෙනං අපි ගිහිං එන්නං! අප්‍රේල් පළවෙනිදා උපන්දින සමරපු අයට හැප්පි හැප්පි බර්ත්ඩේ!